
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත නව පාර්ලිමේන්තු මැතිවරණ ක්රමයට සහාය නොදෙන බව සමගි ජන බලවේගය අද (10) ප්රකාශ කළේය.
පාර්ලිමේන්තු මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවට පළ වූ වාර්තාවකට ප්රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නිල ප්රකාශක පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මෙම අදහස් පළකළේය.
පාර්ලිමේන්තුව තුළ පනත් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට පැහැදිලිවම විපක්ෂයේ සහාය අවශ්යයවන බවත්, මහ මැතිවරණය කල්දැමීම ආණ්ඩුවේ උපක්රමයක් නිසා සමගි ජන බලවේගය මැතිවරණ සංශෝධනයට කිසිසේත් සහාය නොදක්වන බවත් ඔහු පැවැසීය.
ජනාධිපතිවරණය කල්දැමීමට නීතිමය ප්රතිපාදන නොමැති නිසා රජයට කළ හැකිවන්නේ, මහමැතිවරණය කල්දැමීම පමණක් වන අතර, මහ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරමින් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ජේ.ආර්.ජයවර්ධනගේ චරිතය රඟපෑමට යන බවත් හෙතෙම සඳහන් කළේය.
දිවංගත ජනාධිපති ජයවර්ධන එකළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී, පසුව මහ මැතිවරණය කල්දැමීම සඳහා ජනමත විචාරණය පැවැත්වූ බවත්, මේ වනවිට රනිල් වික්රමසිංහද එවැනි සැලැස්මක් ගෙනඒමට සූදානම් වන බවත්, මන්ත්රීවරයා පෙන්වාදුන්නේය.
එමෙන්ම ජනාධිපති වික්රමසිංහගේ මෙම උපක්රම පිළිබඳව ශ්රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත් වියයුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart