
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික වර්ෂාපතනයක් පවතින කාලවලදී ඇල්ල දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු නවයේ පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තාවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, ඇල්ල ආරුක්කු නවයේ පාලම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, එහි ආරක්ෂාව සහ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා නිරන්තර පරීක්ෂාවන් සිදුකරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ, වර්ෂා ජලය පිටතට ගලායෑමට ජලාපවහන සිදුරු සහිතව පාලම නිර්මාණය කර ඇති බැවින් වර්ෂා කාලයේදී මෙම සිදුරුවලින් ජලය ගලා ඒම සාමාන්‍ය තත්වයක් බවයි.
“දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොට්ඨාශ ඉංජිනේරුවෙක් සිටිනවා. ඔහු අනෙකුත් නිලධාරීන් සමග එය වරින්වර පරීක්ෂා කරමින් සිටින්නේ. මේ වන විට කිසිදු ගැටලුවක් එහි නැහැ” දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ජනමාධ්‍ය වෙත පැහැදිළි කර තිබේ.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ පාලම ආශ්රිත කඳුකරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවයි.
“දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලින් පාලම වටවෙලා. ඒ සමහර ඉඩම්වල අනවසර ඉදිකිරීම් තියෙනවා. ඒවා ඉවත් කිරීමට අපි දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය සංරක්ෂණ ක්‍රියාමාර්ග ද ගන්නවා.” ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart