
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වියළි කාලගුණය හමුවේ, හානි වූ කුඹුරුවලට ගිනි තැබුවහොත් වගා හානි වෙනුවෙන් වන්දි ලබානොදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දැඩි නියඟය නිසා හානි වී ඇති ගොයම් වගාවන්ට ඇතැම් පුද්ගලයන් ගිනි තබා විරෝධය දක්වන ආකාරය පසුගිය දිනවල වාර්තා විය.
ගොයම් වගාවන්ට ගිනි තැබීම නීතිවිරෝධී වන අතරම දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදලක් ගෙවීමට කටයුතු නොකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ දිනවල නියඟයෙන් හානියට පත් කුඹුරුවල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම් ආරම්භ කර ඇත.
ගොයම් වගාවන්ට ගිනි තැබු පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට වන්දි ලබාදීමට ද හැකියාවක් නැති බව මණ්ඩලය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart