
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරේ විශ්ව මුනි බුද්ධි නොහොත් රොෂාන් මේනක රණසිංහ නමැත්තාගේ ගිණුමකට සැකසහිත ලෙස බැර වී තිබූ රුපියල් 26 ලක්ෂයකට ආසන්න මුදලක් අධිකරණ නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු විසින් ඉවත් කරගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඊයේ (29) දන්වා තිබේ.
2022 වසරේදී මොහුගේ ගිණුමට සැකසහිත ලෙස රුපියල් 25,92,636.15ක මුදලක් බැරවී ඇති බවද බුදු දහමට අපහාස කිරීමට අදාළව ඔහු සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර එනම්, 2023 ඔක්තෝබර් මස 12 වැනි දිනට පෙර ඔහු එම මුදල් ඉවත් කරගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත.
බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවද, එසේ බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැර සිටි කාලය තුළදී යළිත් වතාවක් යූටියුබ් නාළිකා හරහා බුදු දහමට අපහාස කිරීම හේතුකොටගෙන අධිකරණය මඟින් ඔහුව දෙවනවරටත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම කරුණු හෙළි කර ඇත.
අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, බුදු දහමට අපහාසයක්වන ආකාරයේ මෙවැනි කටයුතුවල යළිත් නියැළුණහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට දැඩි ලෙස අවවාද කරමින් සැකකරු පෙර ඇප මත මුදාහරින ලෙසද නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් සැකකාර පුද්ගලයාට ඇප නියම කෙරුණද බුදු දහමට අපහාස කිරීමේ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart