
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ අත්ලාන්තික් වෙරළට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ගැඹුරු මුහුදේ ලොව විශාලතම කොරල්පරය විද්‍යාඥයන් විසින් සිතියම්ගත කර ඇති බවට වාර්තා වේ.
ෆ්ලොරිඩාවේ සිට දකුණු කැරොලිනා දක්වා සැතපුම් 310ක් දක්වා මෙම කොරල්පරය විහිදී යයි.
සූර්යාලෝකය විනිවිද නොයන අඩි 655 සිට අඩි 3,280 (මීටර් 200 සිට 1,000 දක්වා) ගැඹුරේ දී මෙම කොරල්පරය හමුව ඇතැයි මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ගැඹුරු කොරල්පර මෝරුන්, කඩු මසුන්, මුහුදු තරු, බූවල්ලා, ඉස්සන් සහ තවත් බොහෝ මසුන් සඳහා වාසස්ථාන සපයන බව විද්‍යාඥයෝ පවසති.
පර්යේෂකයන් 1960 ගණන්වල සිට අත්ලාන්තික් සාගරයෙන් කොරල්පර ඇති බව දැන සිටියද, දිය යට සිතියම්කරණ තාක්ෂණය මගින් සාගර පත්ලේ ත්‍රිමාණ රූප තැනීමට හැකිවන තෙක්, කොරල්පරයේ විශාලත්වය අභිරහසක්ව පැවතුණ බව විද්‍යාඥයෝ පවසති.
ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ෆෙඩරල් ඒජන්සියේ කිහිපදෙනකු ඇතුළුව අනෙකුත් විද්‍යාඥයන් විසින් කොරල්පරයේ සිතියම් ප්‍රකාශයට පත්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart