
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැලේරියාවට එරෙහි ලොව ප්‍රථම එන්නත් වැඩසටහන කැමරූන් රාජ්‍ය ආරම්භ කර ඇති අතර, එය අප්‍රිකාව පුරා සිටින මැලේරිය රෝගීන් දහස් ගණනකගේ ජිවිත බේරා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, වයස මාස 06ක් දක්වා වන සියලු දරුවන්ට නොමිලේ එම එන්නත් ලබාදීමටද තීරණය කර ඇත.
එහිදී රෝගාබාධ හා මරණ අනුපාතයක් ඇති දිස්ත්‍රික්ක 42ක මාස හයක් වයසැති දරුවන්ට, වයස අවුරුදු දෙක දක්වා මාත්‍රා හතරක් ලැබෙනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මැලේරිය රෝගය හේතුවෙන් සෑම වසරකම අප්‍රිකාව තුළ පුද්ගලයන් 600,000ක් පමණ මිය යයි.
එම මරණවලින් සියයට 80ක් පමණ වයස අවුරුදු පහට වඩා අඩු දරුවන් වේ.
2021 වර්ෂයේදී, ගෝලීය වශයෙන් මැලේරියා රෝගීන් සියයට 95ක් සහ ඒ ආශ්රිත මරණවලින් සියයට 96ක් අප්‍රිකාවෙන් වාර්තා වී තිබේ.
කැමරූනියානු වෛද්‍ය ෂාලෝම් එන්ඩෝලා (Shalom Ndoula) පවසන්නේ, “මැලේරියාවෙන් සිදුවන රෝගීන් සහ මරණ සංඛ්‍යාව සැළකිව යුතු ලෙස අඩු කිරීමට සහ රෝගය තුරන්කිරීම වේගවත් කිරීමට අපට හැකියාවක් ඇත” යන්නයි.
බුර්කිනා ෆාසෝ, ලයිබීරියාව, නයිජර් සහ සියෙරා ලියොන් ඇතුළු තවත් රටවල් විස්සක් පමණ මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart