
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිසිල් බීමවල බහුලව භාවිත වන කෘතිම රසකාරකයක් වන ‘ඇස්පාර්ටේම්’ රසායනිකය මිනිසුන්ට පිළිකාකාරක විය හැකි ලෙස වර්ගීකරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද(14) නිවේදනය කළේය.
“අපි නිෂ්පාදන ඉවත්කර ගැනීමට සමාගම්වලට උපදෙස් දෙන්නේ නැත. පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස අපි පාරිභෝගිකයන්ට උපදෙස් දෙන්නේ නැත. අපි ඔවුන්ට මදක් මධ්‍යස්ථව කටයුතු කිරීමට උපදෙස් දෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ෂිතතා අධ්‍යක්ෂ ෆ්‍රැන්චෙස්කෝ බ්‍රැන්කා ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වන අන්තර්ජාතික නියෝජිතායතනය (IARC) ජුනි 06 සිට 13 දක්වා ප්‍රංශයේ ලියොන් හි පැවති රැස්වීමකදී ඇස්පාර්ටේම් වල පිළිකා කාරකය පිළිබඳ ප්‍රථම වරට ඇගයීමක් සිදු කරන ලදී.
මෙම රසායනිකය අක්මාවේ පිළිකා වර්ගයක් වන ‘හෙපටොසෙලියුලර් පිළිකාව’ කෙරෙහි බලපෑමක් ඇතිකරන බව එහිදී සොයාගෙන තිබේ.
ඇස්පාර්ටේම් යනු 1980 ගණන්වල සිට විවිධ ආහාර පාන නිෂ්පාදන සඳහා බහුලව භාවිත වන කෘත්‍රිම රසායනික රසකාරකයකි.
එය ආහාර පාන, චුවිංගම්, ජෙලටින්, අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිෂ්පාදන, උදෑසන ලබාගන්නා පෙර සැකසූ ආහාර ධාන්‍ය වර්ග, දන්තාලේප, කැස්ස බිංදු පැණි සහ හපන විටමින්වල දක්නට ලැබේ.
“හැකි තරම් ජලය පානය කරන්නා. පැණිරස නිෂ්පාදන පරිභෝජනය සම්පූර්ණයෙන්ම සීමා කිරීම” යැයි ෆ්‍රැන්චෙස්කෝ බ්‍රැන්කා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart