
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී පක්ෂය වෙනුවෙන් එකට එක්ව කටයුතු කිරීමට සියලු දෙනාට අවස්ථාව හිමිවීම තීරණාත්මක අවස්ථාවක් වූ බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙවර සංවත්සරය යනු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සියලුදෙනා ”මහ ගෙදරට” පැමිණි අවස්ථාවක් වූ බවයි.
එයින් පෙන්නුම් කෙරෙන්නේ පක්ෂයක් ලෙස එකමුතුව ඉදිරියට ගමන් කිරීම බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ එය රටේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද අභිවෘද්ධියට සතුටුදායක සිදුවීමක් බවයි.
මෙවැනි එකමුතුකමක් තමන්ගේ එකම බලාපොරොත්තුව වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමන් ඒ පිළිබඳව නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ද පැවසුවේය.
තමාගේ එකම බලාපොරොත්තුව පක්ෂයේ සියලුදෙනා ඒකාබද්ධ කිරීම බව පැවසූ මන්ත්‍රීවරයා එය තනිව සිදු කළ නොහැකි බවත් වැදගත් වන්නේ එකට එක්වී සියලුදෙනාගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම බවත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart