
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය මෝටර් රථය සමඟ පසුගියදා පැහැරගැනීමට ලක්වූ 18 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේම සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිසුවාගේ මෝටර් රථයද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
කළුබෝවිල – ආසිරි මාවතේ පදිංචිව සිටි මෙම සිසුවා පසුගිය සඳුදා (04) පැහැරගෙන ගොස් ඇත.
මෙම සිසුව තම පියා කටුනායක ගුවන්තොටුපළට ඇරලවා නිවසට පැමිණ නැවත පිටව යන අතරතුරදී ඔහු පැහැරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දෙහිවල මහනගර සභාව අසලදී සිසුවාට බාධාකර වෑන් රථයක නංවාගෙන ගොස් වෑන් රථය නිවසක දමා, නැවත ඔහුගේ මෝටර් රථයට නංවාගෙන මාතලේ ප්‍රදේශයට රැගෙන ගිය බව පොලිසිය කියයි.
මාතලේ ප්‍රදේශයේ නිවසකට පැමිණි සැකකරුවන් සිසුවාට පහරදී තර්ජනය කර ඇත්තේ ඔහුගේ පියාට අයත් තිහාරිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් අත්සනක් යොදන ලෙසයි.
මෙම පැහැර ගැනීම පිළිබඳව තම මවට දැනුම්දීමට ද ඔහුට අවසර දී ඇති අතර පසුව ඇය කොහුවල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.
කොහුවල පොලිසිය විසින් පැහැරගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ පියා ගෙන්වාගෙන ඇති අතර, පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගැනීමට ලක්වූ සිසුවාගේ පියා සහ ප්‍රධාන සැකකරු අතර ඇති වූ පැරණි මූල්‍ය ආරවුලක් මත සැකකරුවන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පැහැර ගැනීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart