
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෙට්විෂන් නම් තුර්කි සමාගමක් විසිනි මෝටර් රථයක් රෝබෝවරයෙක් ලෙස හැඩගැසීම යථාර්තයක් බවට පත් කර ඇති අතර, එම මෝටර් රථය ‘ඇන්ටිමන්’(Antimon) ලෙස නම් කර ඇත.
Transformers චිත්‍රපට මාලාවේ එන, මේ ආකාරයෙන් වෙනස්වන පිටසක්වලයන් පදනම් කරගෙන මෙම නිෂ්පාදනය සිදුකර තිබේ.
Antimon ලෙස නම්කර ඇති Letron වර්ගයේ එම BMW රථය බලවත් චලනයන් සහ බියකරු මුහුණක් ඇති රොබෝවරයෙක් බවට පරිවර්තනය කරන සැබෑ වෙනස්වීමකින් සමන්විත වේ.
එම “Antimon” රථය සම්පූර්ණයෙන් සකස් කිරීමට මාස අටක් ගත වී ඇති අතර, එය සත්‍ය මෝටර් රථයක් ලෙස භාවිත කිරීමට ඉදිකර ඇති බව එම සමාගම සඳහන් කරයි.
Antimon සඳහා ඇවිදීමේ ක්‍රියාකාරිත්වය තවමත් වර්ධනය කර නොමැති බවත්, නව පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සාධාරණ අරමුදල් සපයන්නේ නම් ඇවිදීමේ ක්‍රියාකාරිත්වය එකතු කළ හැකිය බවත්, සමාගම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, රොබෝට ඇවිදීමට නොහැකි වුවද කතා කිරීමේ හැකියාව ඇති අතර, හිස, බෙල්ල, අත සහ ඇඟිලි චලනය කළ හැකිය.
සමාගමට ප්‍රමාණවත් අරමුදල් ලැබෙන්නේ නම් Bizmut, Argon, Wolfram සහ Tantal යනුවෙන් හැඳින්වෙන Letron මාලාවේ තවත් ප්‍රභේද හතරක් ගොඩනැගීමට ද සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart