
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර නියාමකවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසට 2023 මැයි මස 12 වැනි දින කඩා වැදුණු සාහසිකයින් පිරිසක් ඔහුට තුවක්කු පෙන්වා තර්ජනය කර පහරදී තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධියට අදාළ සැකකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart