
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළි බලය ලබාදීම සහ විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වන ප්‍රාදේශීය සභා ආඥාපනත, මහ නගර සභා ආඥාපනත සහ නගර සභා ආඥාපනත සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මෙම කෙටුම්පත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරිපත් කර තිබිණි.
මීට පෙර නීතිපතිවරයා විසින්ද මෙම පනත් කෙටුම්පතේ සංශෝධන පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කළ නොහැකි බව දැනුම්දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart