
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පවතින ආර්ථික අර්බුදය වැරදි ලෙස හැසිරවූ බවට තමා ඇතුළු ආණ්ඩුවේ කිහිපදෙනෙකු වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා බදාදා (15) රාත්‍රියේ මහනුවරට පැමිණ සිය ජන්ම දිනය වෙනුවෙන් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථිකයේ අවභාවිතය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟවන්නේ දැයි එහිදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, එම තීන්දුව පිළිනොගන්නා බවත් අවස්ථාව ලැබුණු විට ඊට හේතු පැහැදිලි කරන බවත්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පක්ෂ සම්මේලනය අති උත්කර්ෂවත් ලෙස පවත්වන බවත්, එය මැතිවරණය අරමුණු කර සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart