
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
පැෆ්රල් සංවිධානය විසින් ගොනකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයන්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන්නොකිරීමට වගබලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසම් සභාව, නීතිපතිවරයා ඇතුළු 41 දෙනෙකු නම්කර තිබේ.
පෙත්සම ගොනුකරමින් පෙත්සම්කරුවන් කියාසිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයන්ට සංවර්ධන වැඩ කටයුතු වලට අදාළව රාජ්‍ය සම්පත් වෙන්නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පසුගිය මැයි 7 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත අදාල ලිපිය යොමුකර ඇති අතර එම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේකයක් ද නිකුත් කර ඇති බව පෙත්සමේ සඳහන් කර ඇත.
එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් රැසක් පළාත් ප්‍රජා කමිටුවල සමාජිකයන් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිතය නොවැළැක්විය හැකි තත්තවයක් උද්ගත වෙමින් පවතින බව පෙත්සම්කරු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එබැවින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට හා මුදල් අමාත්‍යංශ ලේකම්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart