May 8, 2025

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

2016 දී රාජගිරියේ සිදු වූ රිය අනතුරකට අදාළ සාක්ෂි සඟවා ගැනීමේ චෝදනාවලට මෙම අධිචෝදනා පත්‍රය අදාළ වන අතර, ඊට චම්පික රණවක සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම තීන්දුවත් සමඟ, දැනටමත් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය මත පදනම්ව චූදිත පාර්ශ්වයන්ට එරෙහිව නඩු විභාගය ඉදිරියට ගෙනයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණයට නියෝග කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරු ගාමිණී අමරසේකර යන විනිසුරුවන්ගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් තීන්දුව ලබාදෙන ලදී.