
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ නම අනිසි ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති නොමඟ යවනසුළු පළකිරීම් කිහිපයක් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය මහජනතාවට අනතුරු අඟවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම විශ්වවිද්‍යාලය පැවසුවේ, විශ්ව විද්‍යාලයේ කීර්තිනාමයට සහ රෝගීන්ගේ ආරක්ෂාවට ඇති බරපතල බලපෑම සැලකිල්ලට ගනිමින්, නොමඟ යවනසුළු තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගැනීමට සිදුවන බවයි.
“විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කරනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය පිටුව හරහා පමණි.
“ඖෂධීය නිෂ්පාදනවල ඖෂධීය ගුණ විමර්ශනය කරමින් විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පර්යේෂණ අධ්‍යයන කිහිපයක් තිබුණද, ඒවා තවමත් සායනික අත්හදා බැලීම් අවධියට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට ළඟා වී නොමැති අතර ඒවා ඖෂධ ලෙස සැලකිය නොහැකිය,” යනුවෙන් විශ්ව විද්‍යාලය පැවසීය.
සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ලියාපදිංචි ඖෂධ පමණක් ලබාගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දෙන බව කොළඹ විශ්ව විද්‍යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
පර්යේෂණ හා නවෝත්පාදන පිළිබඳ ඉහළම සදාචාරාත්මක සහ වෘත්තීය ප්‍රමිතීන්ට කැපවී සිටින බව කොළඹ විශ්ව විද්‍යාලය අවධාරණය කර තිබේ.(Newswire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart