
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සනාථ කරන පාරිසරික ගැටළු වාර්තාව අපේක්ෂාවෙන් සිටින බැවින්, චීන ආයෝජක ඇම්බර් ඇඩ්වෙන්චර්ස් පෞද්ගලික සමාගම රුපියල් බිලියන 5ක් වටිනා අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇති බවට කරන ප්‍රකාශය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතික්ෂේප කරන බව ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය සහ ප්රචාරක අධ්යක්ෂ ලෙස්ලි උඩුවාවිදානේ ඊයේ (14) ප්‍රකාශකර තිබේ.
“ඔවුන් ඉවත් වෙනවා නම්, නිල වශයෙන් අපට දැනුම් දිය යුතුයි. අපට ලැබී ඇති ලිපියෙන් දන්වා ඇත්තේ ඔවුන්ගේ දුක්ගැනවිලියි,” යනුවෙන් චීන සමාගම ගොඩනැගීම-ක්‍රියා කිරීම-මාරු කිරීම (BOT) ආකෘති ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් උඩුවාවිදානේ පැවසුවේය.
“අනාගතයේදී ගැටලුවක් ඇති විය හැකි ඕනෑම තොරතුරක් භූ විද්‍යා කාර්යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ඉදිරිපත් කරන තෙක් අපි බලා සිටිනවා. පාරිසරික ගැටළුව මෑත කාලීනව ඇති වූ දෙයක්, කවුරුවත් මේ ගැටළුව අපේක්ෂා කළේ නැහැ,” යැයි ඔහු පැවසුවේය.
ආයෝජන මණ්ඩලය වෙත සඳුදා යොමු කරන ලද ලිපියක සඳහන් වී තිබුණේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ව්‍යාපෘතිය නවතා දමා ඇති බැවින්, එහි අඛණ්ඩතාව පිළිබඳ ආයෝජකයා කණස්සල්ලෙන් පසුවන බවයි.
“සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද ලිඛිත හා වාචික පැමිණිලි සහ තොරතුරු සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන තෙක් ඉහත කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු නීති විරෝධී ලෙස අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇති බවට 2026 ජනවාරි 9 දිනැති ලිපියක් අපට ලැබී තිබෙනවා.”යැයි ඔහු පැවසුවේය.
කෙසේවෙතත්, දිට්වා සුළි කුණාටුවෙන් පසු, ව්‍යාපෘතියට තවදුරටත් ඇගයීමක් අවශ්‍ය බවට ආයෝජන මණ්ඩලයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) එතැන් සිට ව්‍යාපෘතිය කටයුතු කරගෙන යෑමට අවසර දී ඇති බව එහි සඳහන් විය.
“දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරිශ්‍රයේ පරීක්ෂාවක් සිදු කළා. එය ස්ථාන තුනේ ස්ථායිතාව තහවුරු කර තිබෙනවා. නායයෑම් හෝ භූමි බිඳවැටීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයාගෙන නැහැ.” යනුවෙන් ද එහි දැක්විණි.
ව්‍යාපෘතිය නායයෑම් ඇති කරන බවට පදනම් විරහිත ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රකාශ පිළිබඳ සමාගම තවදුරටත් කණස්සල්ල පළ කළේය.
ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, මේ වන විට ඩොලර් මිලියන 12.75 ක මුළු ආයෝජනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කර ඇති බව එය තවදුරටත් පැවසීය.
“එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමත කර ඇති අදියර දෙකක් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 12.75ක මුළු ආයෝජනයෙන්, අපි මේ වන විට ඩොලර් මිලියන 3.5ක් පමණ ආයෝජනය කර ඇති බව අවධාරණය කිරීම වැදගත්.” යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රජය සමඟ ඇති කරගත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගිවිසුම යටතේ, එහි ඉදිකිරීම් වසර 3ක් ඇතුළත අවසන් කර, වසර 10ක් ක්‍රියාත්මක කර, පසුව දළ වශයෙන් රුපියල් බිලියන 5ක් වටිනා වත්කම් රජයට නොමිලේ පැවරීමට නියමිතය.
ආයෝජන මණ්ඩලය විසින් නියම කරන ලද මාර්ගෝපදේශ සහ ප්‍රොටෝකෝල අනුගමනය කර ඇති බවත්, එසේ කිරීමට අපොහොසත් වුවහොත්, ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ප්‍රතිපූරණය ඉල්ලා සිටීමේ අයිතිය සමාගම සතු බවත් තවදුරටත් සඳහන් කර තිබේ.
“අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ආයෝජන මණ්ඩල සියලුම මාර්ගෝපදේශ සහ ප්‍රොටෝකෝල දැඩි ලෙස අනුගමනය කරමින්. මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය , අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අදාළ රජයේ බලධාරීන්ගෙන් අපි අනුමැතිය ලබාගෙන තිබෙනවා. දේශපාලන පළිගැනීම් මගින් පෙළඹෙන මෙම නීති විරෝධී බාධා කිරීම් සහ ඇඟිලි ගැසීම් හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ විභවය සම්බන්ධයෙන් අපි අපගේ කොටස්කරුවන් සහ නීති උපදේශකයන් සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් සමාගමේ ලිපියේ සඳහන් වී ඇත.
උඩුවාවිදානේට අනුව, ආයෝජන මණ්ඩලය ඇම්බර් ඇඩ්වෙන්චර්ස් හි නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් සිටී.
“ආයෝජන මණ්ඩලය මේ මොහොතේ මෙම ගැටළුව විසඳීමට උත්සාහ කරමින් සිටිනවා, ව්‍යාපෘතිය නතර කළේ ඇයිද යන්න පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ලබා දීමට පාරිසරික ආයතන දෙකම සම්බන්ධ කර ගන්න උත්සාහ කරනවා. ඊයේ අධ්යක්ෂ ජනරාල් සහ ඇම්බර් ඇඩ්වෙන්චර්ස් හි නියෝජිතයකු අතර රැස්වීමක් පැවැත්වුණා. ඔවුන් ඉතා වටිනා ආයෝජකයෙක්, මෙය ශ්‍රී ලංකාව සඳහා පළමු කේබල් කාර් ව්‍යාපෘතියයි.” ඔහු පැවසීය.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart