
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලකයන් පසුපසින් අතීතය ලුහුබැඳ ඒම වැළක්විය නොහැකිය.
නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි වැනි ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අතීතයේ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළ ප්‍රකාශ සහ ඔවුන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශ දැන් ඇතැම් විට ඔවුන්ට පාරාවළල්ලක් වී ඇති බව දැකගත හැකිය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සම්බන්ධයෙන්ද මේ දිනවල එම තත්වය සමානය.
ඔහු පසුගිය මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් මේ දිනවල වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එහිදී ඔහු පවසන්නේ, ‘ජාතික ආරක්ෂාව පිළිබඳව නොදන්නා’ අය මේසයක් සහ පුටුවක් රැගෙන් තමා හමුවීමට පැමිණෙන ලෙසයි. එවිට ඔහුට මෙම විෂය පිළිබඳව ‘ටියුෂන්’ ලබාදිය හැකි බව ඔහු පවසයි.
කෙසේවෙතත් පසුගිය දිනවල වාර්තා වූ වෙඩි තැබීම් සහ ඝාතන හමුවේ එම ප්‍රකාශය ඔහුට එරෙහිව පාරාවළල්ලක් වී ඇත.
ඊයේ පොලිසිය කියා සිටියේ, ‘සැඟවුණු ආයුධ’ සොයාගැනීමට රැගෙන ගිය පසු, නිලධාරීන්ගේ ගිනි අවි පැහැර ගැනීමට සහ ඔවුන්ට පහර දීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගිය බවයි.
සිකුරාදා රාත්‍රියේ කොටහේනේදී පුද්ගලයෙකුට මාරාන්තික වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය එය නිවේදනය කළ විගසම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැරණි වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය.
ඔහු විපක්ෂයේ සිටියදී, පොලිසිය විසින් කරන ලද එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබිණි. මෙම වීඩියෝ පටය 2021 දෙසැම්බර් මාසයේදී විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ කතාවක කොටසකි.
පොලිස් අත්අඩංගුවේදී වෙඩි වැදී පුද්ගලයන් මියයෑම ඔහු හඳුන්වන්නේ තිර පිටපතකට රඟදක්වන නාටකයක් ලෙසිනි.
එවැනි සිදුවීම් හරහා ප්‍රචලිත වී ඇති ‘ඝාතන සංස්කෘතිය’ පොලිසිය විසින් අවසන් කළ යුතු බවත්, වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගත යුතු බවත් අවධාරනය කරමින් ඔහු තම කතාව අවසන් කරයි.
මෙම වීඩියෝ පට නැවත හුවමාරු කරගන්න අය ප්‍රශ්න කරන්නේ, අනුර දිසානායක නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති විට ජනාධිපතිවරයා ලෙස ඔහු කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart