
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය සතු කොටස් අලෙවි කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායයන්ට පූර්ව ලංසු රැස්වීම් පවත්වා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ මුදල් අමාත්‍යාංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ කොටස් බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ රජය සතු ව්‍යවසාය අංශය කළමනාකරණය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමිනි.
කොටස් බෙදාහැරීමට අදාළව හඳුනාගෙන ඇති රාජ්‍ය ව්‍යවසායන් වන හෙටෙල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් , කැන්විල් හෝල්ඩින්ග්ස්, ලංකා හොස්පිට්ල් , ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී , ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ,ලිට්‍රෝ ගෑස් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආදී ආයතන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ඒවායේ රජය සතු කොටස් බෙදා හැරීම පිළිබඳ ප්‍රගතිය යාවත්කාලීන කර තිබේ.
අද වන විට, බෙදාහැරීම සඳහා හඳුනාගෙන ඇති සියලුම ආයතන සඳහා විශේෂ ව්‍යාපෘති කමිටුවේ සහ විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ අනුමැතිය ඇතිව වැඩි තරඟකාරිත්වය ඇති කිරීම සඳහා සුදුසුකම් ඉල්ලීමේ (RfQ) අවසන් දිනයන් දීර්ඝ කර තිබේ.
හොටෙල් ඩිවලොපර්ස්, කැන්විල් හෝල්ඩින්ග්ස්, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සඳහා සුදුසුකම් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ කාලසීමාවන් අවසන් වී ඇති අතර, ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් සඳහා අවසාන දිනය 2024 අප්‍රේල් 22 දක්වා විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවය හැර අනෙකුත් සියලුම ගනුදෙනු 2024 අගෝස්තු වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාලසීමාව 2024 සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බව පැවසේ.
රජය සතු ව්‍යවසාය අංශය ඉදිරියට කළමනාකරණය කිරීම සඳහා ව්‍යුහගත, කාර්යක්ෂම සහ යහපාලන ක්‍රියාවලියක් සැකසීමට කටයුතු කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
අදාළ රජය සතු ව්‍යවසාය සඳහා ලන්සු ඉදිරිපත් කර සිටි සමාගම් ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart