
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වීසා ප්‍රමාදව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ හංගේරියාවේ, බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියහ.
10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 06 දෙනකු , එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනකු ඇතුළත් විය.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ එලෙස පිටත්ව ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.
ඔවුන් තරගාවලියේ දී මීටර් 400 , මීටර් 400 × 4 සහාය දිවීම සහ හෙල්ල විසිකිරීම යන ඉසව් සදහා ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය.
ලෝක මළල,ක්‍රීඩා තරගාවලිය සහභාගි වන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලුදෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරති.
පසුගිය 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටිනමුත් වීසා ප්‍රමාදවීමක් හේතුවෙන් ඔවුන්ට නියමිත දිනට ලෝක ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට නොහැකිවු බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart