
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුතින් පත්කළ අතුරු කමිටුව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට දැනුම්දුන් බවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ චෝදනා කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් රණසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ අතුරු කමිටුව ඉවත් කර නොගතහොත් ක්‍රීඩා නීතිය තමන් යටතට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ඇමැති ධූරයෙන් ඉවත් කර, තමන් කැමති ඕනෑම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ඇමැති රණසිංහ පැවැසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දූෂණ මට්ටම විශ්වාස කළ නොහැකි තරම් විශාල නිසා මම කිසිම අවස්ථාවක අතුරු කමිටුව අත්හිටුවන්නේ නැති බව ජනාධිපතිවරයාට දැනුම්දුන්නා” ඔහු සඳහන් කළේය.
ක්‍රිකට් පරිපාලනයේ මුල්‍ය අක්‍රමිකතා සනාථ කරමින් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව ඔහු අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart