
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනට (DDR) අදාළ යෝජනාව සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව ඉල්ලා අස්කර ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රතික්ෂේප කළේය.
ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද යෝජනාවකට එරෙහිව කිසිදු ආකාරයක නියෝග හෝ තීන්දු නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට කථානායකවරයා අගෝස්තු 09 වැනිදා ලබාදුන් තීන්දුව නරක පූර්වාදර්ශයක් විය හැකි බවත්, එය පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමකට තුඩු දෙන බවත් විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.
“මම නීති උපදෙස් ලබාගෙන තීන්දුව ලබාදීමට පෙර අදාළ සියලු කරුණු සොයා බැලුවා. ඒ වගේම මම මගේ තීන්දුවේ කිසිම උසාවි නඩුවක් ගැන සඳහන් කළේ නැහැ. ඒ නිසා මම ඒක ඉල්ලා අස්කරගන්නේ නැහැ.” යැයි කථානායකවරයා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය.
කථානායකවරයාගෙන් අදාළ මූලික ඉල්ලීම කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම තීන්දුව භයානක පූර්වාදර්ශයක් ලබාදෙන බවයි.
“ඔබේ තීන්දුව භයානක පූර්වාදර්ශයක් වන්නේ ඉදිරියේදී ඕනෑම අධිකරණ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට තීන්දුවක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවන නිසා. ඔබ හැම අවස්ථාවකම විධායකය සතුටු කරන්න උත්සාහ කරන බව පේනවා. කොහොම උණත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය දේ ලැබී තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ තීන්දුව ඉල්ලා අස්කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙම කළොත් ඔබේ ගෞරවයත් රැකගන්න පුළුවන් වේවි.” යැයි දිසානායක මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
කථානායකවරයා ලබාදුන් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකට තුඩුදෙන බව එහිදී අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ද පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart