
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ රටවල පවතින නීතිමය සීමාවන් මඟහැරීම සඳහා, එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් එම සංවිධානයේ ලාංඡන සුළු වශයෙන් වෙනස්කරමින් භාවිත කරමින් සිටින බව වාර්තා වේ.
මේ බව අනාවරණ කරන මූලාශ්‍ර උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරන්නේ, එම අනුවාද මුල් පිටපතට සමාන ලෙස පෙනෙන අතර, විදේශ බලධාරීන්ගේ පරීක්ෂාවෙන් වැළකී සිටීමේ උත්සහයක් ලෙස දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් එලෙස කටයුතු කරන බවයි.
කැනඩාවේ, බ්‍රැම්ප්ටන් නගරය නොවැම්බර් 21 වැනි දින දෙමළ ඊලාම් ජාතික ධජ දිනය ලෙස පිළිගත්තේය.
බෙදුම්වාදී දෘෂ්ටිවාදයට සම්බන්ධ “ලාංඡනයක්” හෝ ධජයක් වැනි යමක් භාවිත කිරීම හේතුවෙන් එය මතභේදයට තුඩුදුන්නේය.
ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ලන්ඩන් සංචාරයේදී එල්ටීටීඊ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඔහුට විරෝධය දක්වා තිබිණි.
මෙම ක්‍රියාකාරීන් LTTE ධජ භාවිත කරමින් සිටිනු දක්නට ලැබුණු අතර, එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර වීමට පවතින හේතු සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් විසින් ප්‍රදර්ශනය කර ඇති ධජ බොහෝවිට මුල් ධජය හා සාපේක්ෂව සුළු වශයෙන් වෙනස්කර තිබීම බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එවැනි තත්වයන් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බලපෑම් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් මීට පෙර ද උත්සහ කර ඇති බව වාර්තා වේ.
පවතින තත්වය අනුව බොහෝ රටවල තහනම් කර ඇති LTTE සංවිධානය සහ දෙමළ ඩයස්පෝරාවේ ධජය සම්බන්ධ බව නීත්‍යානුකූලව ඔප්පු කිරීම මේ වනවිට දුෂ්කර වී ඇතැයි පැවසේ.
උදාහරණයක් ලෙස ඩයස්පෝරා සාමාජිකයන් ප්‍රවර්ධනය කරන ධජයේ කොටියෙකුගේ රූපයක් තිබිය හැකි නමුත්, උණ්ඩ කවය වෙනස් කර ඇති අතර එමගින් එය එල්ටීටීඊ කොඩිය වෙනස් වේ.
මේ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් කැනේඩියානු රජයෙන් ඉල්ලා ඇත්තේ LTTE ලාංඡන භාවිතය සහ පිළිගැනීම ඇතුළුව ශ්‍රී ලංකාවට සම්බන්ධ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රියාකරන ලෙසයි.
මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් කැතරින් මාටින් සමඟ පැවති හමුවකදී ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
බෙදුම්වාදී මතවාද නැවත ඇති කිරීමට හෝ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීමට උත්සාහ කරන සිදුවීම් සහ ව්‍යාපාර වැළැක්වීමේ අවශ්‍යතාවය කැනේඩියානු රජය වෙත දැනුම්දෙන ලෙස ඔහු මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart