
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ ආගමික සහජීවනයට එරෙහිව ද්වේශ සහගත ලෙස ප්‍රකාශ කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි විමර්ශනවල ප්‍රගතිය සති දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව වහා ක්‍රියාත්මක වන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ආගමික නායකයන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය අඟුලුගල්ලේ ශ්‍රී ගිනානද හිමි, පූජ්‍ය නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසුයි රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා සහ අල්-හාජ්-අස්-සෙයීද් හසන් මවුලානා අල්කුවාද්‍රි යන පිරිස මෙම පෙත්සම ගොනු කළේ පොලිස්පති සහ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart