
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙබරවාරි මස 9-10 ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
ජනාධිපති කාර්යාලයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ පවසා ඇත්තේ, එම සමුළුවේ ප්‍රධාන දේශනය ජනධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.
මෙම සංචාරයේදී, ජනාධිපතිවරයා බටහිර ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිවරයාද හමුවීමට නියමිතව බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
“ස්ථාවර සහ තිරසාර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව පැවැත්වේ.
ඉන්දියානු සාගර සමුළුව 2016 වසරේ සිංගප්පූරුවේදී ආරම්භ වූ වාර්ෂික සමුළුවක් වන අතර, එය ඇමැතිවරුන්, දේශපාලන නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු රටවල් 22ක නියෝජිතයන් 300කට අධික සංඛ්‍යාවක් සමඟින් ආරම්භ විය.
මීට පෙර මෙම සමුළුව සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, වියට්නාමය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය යන රටවල පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart