
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් රජයේ ප්‍රතිපත්තීන් සහ අභිමතාර්ථ පාදක කරගෙන, රාජ්‍ය අංශය තුළ ප්‍රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේඛිය අමාත්‍යාංශ 22කට සහ ඒ යටතේ පවතින ආයතනවලට අදාළව 2025‑2029 කාලසීමාව සඳහා ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’ සකස් කරනු ලැබ තිබේ.
සෑම අමාත්‍යාංශයකම ධුරාවලියට අදාළ වගකීම් සමඟ අනුගත වෙමින් අදාළ විෂය පථය තුළ සංවර්ධන ඉලක්කයන් නියමිත කාලරාමුව තුළදී සාක්ෂාත් කර ගැනීම, එමඟින් ජනතාව වෙත අපේක්ෂිත නිමැවුම් සහ ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ලබා දීම සහතික කිරීම සහ ආර්ථික අංශයන් අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම මෙන් ම රාජ්‍ය ආයෝජන කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිඵල රාමු උපකාරී වනු ඇත.
ඒ අනුව, ප්‍රතිඵල පාදක කළමනාකරණය රාජ්‍ය අංශය තුළ ආයතනගත කිරීමට සහ ඒ ඒ අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට හා අයවැය ක්‍රියාවලියේ උපායමාර්ගික අදියරයන්ට අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු ඒකාබද්ධ කර, අපේක්ෂිත ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart