
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉන්දීය රජය ශ්‍රී ලංකාව විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
ෆස්ට්පෝස්ට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ සිය එකඟ නොවීම ප්‍රකාශ කරමින්, “මම ඉන්දියානු ප්‍රකාශ සමඟ එකඟ නොවෙමි. ඉන්දියාව අපේ වාර්තාව විවේචනය කිරීම ගැන මම පුදුම වුණා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව සහ චීනය අතර පවතින භූ දේශපාලන බල අරගලයේ දී ශ්‍රී ලංකාව යුද පිටියක් බවට පත්වීමේ හැකියාව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දකුණු ආසියාතික අසල්වැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම රට සම්මුතියක් ඇති නොකරන බවට සහතික විය.
ඓතිහාසික ආතතීන් ආවර්ජනය කරමින් ඔහු සඳහන් කළේ, “එය ශ්‍රී ලංකා දේශපාලනයේ සිදු විය හැකිය. 1988 දී ඉන්දීය හමුදා පැමිණීම ප්‍රධාන ගැටලුවක් විය” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ වරායන් වෙත චීන ‘ඔත්තු නැව්’ මෑතක දී සිදු කළ සංචාරයන් ඉන්දියාවේ ආරක්‍ෂක ගැටලු මතු කර ඇති නමුත් එය ද්විපාර්ශ්වික සබඳතාවලට අහිතකර ලෙස බලපාන්නේ නැති බව වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
“ඉන්දියාව තම ආරක්ෂාව ගැන කනස්සල්ලට පත්ව සිටී. ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. අපි නවදිල්ලියට කියලා තියෙනවා අපි පර්යේෂණ නැව් ගැන පරීක්ෂා කරනවා කියලා. ශ්‍රී ලංකාව ස්වාධීන රටක්; ඇයි අපේ මිත්‍රත්වය මේ ප්‍රශ්න මත රඳාපවතින්නේ ?” ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart