
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස්වරයාට පසුගිය 05 වැනිදා රාජකාරි වෙලාවේදී රාජකාරි ස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රාජකාරියට බාධාවන ලෙසට බැන තර්ජනය කර ඇත.
හිඟ බදු මුදල් එකතු කිරීම සඳහා දේශීය අදායම් නිලධාරීන් විසින් දේශීය අණ පනත්වලට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවකදී මෙලෙස රාජකාරි ස්ථානයට පැමිණ තර්ජනය කිරීම හේතුවෙන් මේ වනවිට එම නිලධාරීන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි දේශීය අදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ පොලිස්පතිවරයාට ලිපියක් මඟින් දන්වා තිබේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මීගමුව පොලිසිය වෙත කොමසාරිස්වරයා විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමුකරමින් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ පුද්ගලයන් වහාම නීතිය හමුවට රැගෙන එන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart