
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේදී එකඟතාවය පළකර තිබේ.
එසේම ශ්‍රී ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ.
ශ්‍රී ලංකාව එළැඹුණු ප්‍රථම විදේශීය වාණිජ ගිවිසුම චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බවත්, ඒ ඔස්සේ ඉදිරියට යමින් දෙරටේ පොදු ප්‍රතිපත්තීන්ට සරිලන නව වාණිජ සබඳතා ඇතිකරගත යුතු බවත්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවත්, බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැතිවරයා එහිදී පවසා ඇත.
එමෙන්ම කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කර බවත්, සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart