
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අතර ඇතිවූ මතභේදය මධ්‍යයේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා වන අතුරු කමිටු පත්කිරීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කරනු ලැබීය.
කෙසේවෙතත්, එම පත්කිරීමට පෙර අදහස් විමසීමක් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකළ අතර, අතුරු කමිටුව සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ ඇමැති මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ.
වත්මන් ක්‍රිකට් අර්බුදය පිළිබඳව සොයාබලා වාර්තාක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ ඇමතිවරුන් වන මනූෂ නානායක්කාර, කංචන විජේසේකර සහ ටිරාන් අලස්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart