
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු ප්‍රවාහන සේවාවලදී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැළකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ඊයේ (07) දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී පොදු ප්‍රවාහන සේවය තුළදී ලිංගික අතවර සිදුකරන ලද සැකකරුවන් 18 ක් සහ ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයන් 24 දෙනෙකු සමගින් මුළු සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එහිදී, පොදු ප්‍රවාහන සේවය තුළදී ලිංගික අතවර සිදුකර අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 18කි. ගැටකපන්නන් ඇතුළු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 24කි.
මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාලසීමාවලට ප්‍රමුඛත්වය ලබාදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට යොදවා තිබු බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart