
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්ල ප්‍රදේශයේදී විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
එක්සත් ජනපද සංචාරකයන් විසින් රූගත කරන ලද අදාළ සිද්ධියේ වීඩියෝ දර්ශන මගින් එම පුද්ගලයා ඔවුන්ට වාචිකව බැනවදින ආකාරය සහ ඔවුන්ට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකිය.
ඇල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටි එම සංචාරකයන් විසින් මග පෙන්වීම සඳහා අදාළ පුද්ගලයාගේ සහාය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම ගැටුම හටගෙන තිබේ.
කිදැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඇල්ලේ චණ්ඩින්ගේ කෙරුවාව… අමාරුවෙන් ගොඩ එන රටේ නම කැතකරන හැටි කැමරාවේ pic.twitter.com/ozkd86Y9ww
— Ada Derana Sinhala (@adaderanasin) February 29, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart