
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෝමාගම මූලික රෝහලේ සුළු සේවකයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටීම පිළිබඳ ප්‍රදේශයේ පදිංචිකරුවන් අප්‍රසාදය පළ කර තිබේ.
මෙම තත්ත්වය සේවාවන්හි කාර්යක්ෂමතාවට බලපා ඇති අතර රෝගීන්ට දුෂ්කරතා ද ඇති කර තිබෙන බව වාර්තා වේ.
සුළු සේවකයන් කිහිප දෙනෙකු අයිස් ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය තම සෙසු සේවකයන්ට සහ නේවාසික රෝගීන්ට ද අලෙවි කරන බව ප්‍රදේශවාසීහු පැවසූහ.
නේවාසික රෝගීන්ගේ භාණ්ඩ සොරකම් කිරීම පාලනයකින් තොරව සිදුවන බව ද ප්‍රදේශවාසීහු පවසති.
රෝහල් වාට්ටුවලට ඇතුළත් කර ඇති රෝගීන්ට රාත්‍රියේදී සහාය වීමට සුළු සේවකයන් නොමැති බවට ද ඔවුහු චෝදනා කරති.
කෙසේවෙතත්, වෛද්‍ය අධිකාරී වෛද්‍ය එරංගා රාජපක්ෂ පැවසුවේ සුළු කාර්ය මණ්ඩලයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කිහිප දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු මෑතකදී හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත්ය.
ඔවුන්ට එරෙහිව වෙනම දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් පවත්වන බවත්, රෝගීන්ට සහ සෙසු සේවකයන්ට කරදරයක් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකාරකම් වැළැක්වීමට පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart