
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කෙටි මාර්ග නොමැති බව මෙරට ජනතාව හොඳින් දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී මන්ත්‍රීවරුන් පිරිසක් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදුනොවනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
“ජනාධිපතිවරණය කල්දැමීමට මගේ අදහසක් නැති බව මම කිහිප වතාවක්ම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අරමුදල් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රයත්න ගැන කතා කළේ ප්‍රධාන විපක්ෂයයි. විපක්ෂයේ බෙදුණු කණ්ඩායම් දෙකක් අතර තරගයක් තිබෙනවා. ජනප්‍රියත්වය අතින් එක කණ්ඩායමක් ඉදිරියෙන් සිටින විට සාම්ප්‍රදායික විපක්ෂය කලබලයට පත් වෙනවා. ඔවුන් මේ මාතෘකාව තම මාධ්‍ය මිතුරන් ලවා ප්‍රචාරය කරවනවා. මගේ නම පාවිච්චි කරලා ඒ කතා දිගටම ගෙනියනවා.” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කඩිමුඩියේ කළ නොහැකි බව විපක්ෂයට වඩා හොඳින් මේ රටේ ජනතාව දන්නවා. ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි ඔවුන්ගේ උගුලට හසුනොවිය යුතුයි. මේ සඳහා ඔබේ කාලය නාස්ති කරන්න එපා. අපි ගෙන යන ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළ ගැන කතාකරන්න” යනුවෙන් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart