
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබේ.
මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkemද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිට ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන්ව තිබේ.
ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමුව ඇත.
නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙමින් සිටින ආධාර පිළිබඳවද, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද, මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු කරනු ලබන පළමු හමුව මෙය බවද තානාපතිවරිය මෙහිදී පෙන්වාදී තිබේ.
මෙරට යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා පැවැත්වීමේ පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කළ නෝර්වීජියානු නියෝජිත එරික් සෝල්හයිම්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart