
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඔවුන්ගේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
අලුතින් හඳුන්වාදුන් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සරල කිරීමට මෙම පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 පෙබරවාරි 01 වැනිදා සිට බදු හඳුනාගැනීමේ අංකය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට සූදානම් වන බව රාජ්‍ය ඇමැතිවරයා මේ මස මුලදී නිවේදනය කළේය.
බදු හඳුනාගැනීමේ අංකයක් මඟින් යමෙකු ආදායම් බදු සඳහා ස්වයංක්‍රීයව වගකිව යුතු නොවන බව රජය පැහැදිලි කර ඇත.
වගකීම පැනනගින්නේ ආදායම වාර්ෂික බදු නිදහස් සීමාව ඉක්මවන විට පමණි. එය වයස අවුරුදු18 ට වැඩි අය සඳහා මිලියන 1.2 ක් ලෙස සඳහන් වේ.
2024 පෙබරවාරි 01 වැනිදා සිට ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී, ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීමේදී, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ හිමිකම් ලියාපදිංචි කිරීමේදී TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව රජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart