
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව ක්‍රිකට් ඉතිහාසයේ දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මුෂ්ෆීකර් රහීම්ට අද සිදුවිය.
නවසීලන්තය සමග අද මීර්පූර් හි ආරම්භ වු දෙවන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී මුෂ්ෆිකර් රහිම් මෙම අවසනාවන්ත දැවීයෑමට හසුවිය.
නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුව පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගොස් වැටෙන විට රහීම් විසින් පන්දුව අතින් වෙනත් දිශාවකට යොමුකළේය.
එය පිටියේ පන්දු රැකීමට බාධාවක් බව පවසා නවසීලන්ත ක්‍රීඩකයන් සිදුකළ ඉල්ලීම තුන්වැනි විනිසුරුට යොමුකිරීමෙන් පසු මුෂ්ෆිකර් රහීම් දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම්කෙරිණි.
එලෙස පන්දුව අතින් ස්පර්ශ කිරීමේන් දැවීගිය 11වැනි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායමේ මුෂිෆිකර් රහීම් ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart