September 15, 2026

රාජ්‍ය සේවයට ප්‍රවේශවීමට නියමිත සහ විශේෂයෙන් දරුවන් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගැනීමේදී, අදාළ පුද්ගලයන් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන විශේෂ සහතිකයක් ලබාගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මේ බව සඳහන් කළාය.

මේ සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව යොමුකර ඇති බවද ඇය තවදුරටත් පවසා ඇත.