
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මේ අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරිමින් ඍජුව ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) සකස් කරමින් සිටින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අනාවරණය කර තිබේ.
තුන්වැනි පාර්ශ්ව හරහා ඖෂධ මිලදී ගැනීම්දී දැනට රටින් ඉවතට ගලා යන විදේශ විනිමය සැළකිව යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඇමැති රඹුක්වැල්ල සඳහන් කර ඇත.
එපමණක් නොව, බොහෝ විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ විය හැකි දූෂණ චෝදනා අවම කිරීමට ඉන් අදහස් කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart