
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක සූර්ය බලශක්තියක් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනේ පළමු අදියර වේයන්ගොඩදී පසුගිය ඉරිදා ආරම්භ විය.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මෙගාවොට් 3ක ධාරිතාවකින් යුත් මෙම ප්‍රථම භූමිගත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජාතික පද්ධතියට නිල වශයෙන් එක් කෙරිණි.
මෙම වේයන්ගොඩ ව්‍යාපෘතිය සඳහා වොට් 640ක දෙපසින්ම විදුලිය නිපදවන අතිනවීන ‘Bi-facial’ සූර්ය පැනල යොදාගෙන ඇති අතර, පැනලයේ දෙපැත්තෙන්ම හිරු එළිය ලබාගෙන විදුලිය නිපදවීමට මෙයට හැකියාව පවතී.
මෙමගින් වසරකට විදුලි ඒකක මිලියන 6.35ක් ජාතික පද්ධතියට එකතු වන අතර, වසරකට කාබන්ඩයොක්සයිඩ් පිටවීම ටොන් 4,340කින් පමණ අඩු කිරීමට දායක වේ.
විදේශයන්ගෙන් ගෙනෙන පොසිල ඉන්ධන මත රඳා පැවැත්ම අඩු කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ද සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
2030 වන විට මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපයා ගැනීමටත්, 2040 වන විට කාබන් මධ්‍යස්ථභාවය ළඟා කර ගැනීමටත් රජය සැලසුම් කර ඇත.
මෙම නව ව්‍යාපෘති ජාතික පද්ධතියට බාධාවකින් තොරව සම්බන්ධ කරගැනීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය නවීකරණය කිරීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart