
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව 2012 දෙසැම්බර් 31 දින රුපියල් 264,811ක් වූ ශ්‍රී ලංකාවේ ශුද්ධ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2022 දෙසැම්බර් 31 වන දිනට රුපියල් ලක්ෂ 12 ඉක්මවා ඇත.
මෙම ණය වාර්තාවට අනුව පෙර වසරට සාපේක්ෂව ශුද්ධ ඒක පුද්ගල ණයෙහි 62.53% වැඩිවීමක් පෙන්නුම් කරයි.
2021 දෙසැම්බර් 31 වන විට මෙරට ශුද්ධ ඒක පුද්ගල ණය රුපියල් 759,471ක් වූ අතර, එය වසරක කාලයක් ඇතුළත රුපියල් 474,887කින් වර්ධනය වී ඇත.
ඒක පුද්ගල ශුද්ධ ණය යනු රජයක ණය වටිනාකම එහි බල සීමාව තුළ වාසය කරන එක් එක් පුරවැසියාට අනුව බෙදූ විට ලැබෙන අගයයි.
මෙම සංඛ්‍යාවේ තියුණු වැඩිවීම සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියකු දරන මූල්‍ය බර පිළිබඳ කනස්සල්ල මතුකරයි.
ශුද්ධ ඒක පුද්ගල ණය වැඩිවීමට අමතරව, දේශීය හා විදේශීය වශයෙන් ශුද්ධ ණය ගැනීම්වල සැළකිවයුතු වැඩි වීමක් ද වාර්තාව පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart