
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වැනි විස්සයි20 තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහෙත් තීරණාත්මක තරගය ආරම්භ වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථානවල විදුලිය නැති බව වාර්තා වේ.
හේතුව 2009 වසරේ සිට නොගෙවූ විදුලි බිලකි.
ක්‍රීඩාංගණයේ හිඟ විදුලි බිල රුපියල් කෝටි 3.16ක් වන අතර, මේ හේතුවෙන් වසර 05කට පෙර ක්‍රීඩාංගණයේ විදුලිය විසන්ධි වී ඇත.
චට්ටිස්ගාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉල්ලීම පරිදි තාවකාලික සම්බන්ධතාවයක් ස්ථාපනය කරන ලද නමුත් එය ආවරණය කරන්නේ, ප්‍රේක්ෂක ගැලරිය සහ තවත් සුළු කොටසක් පමණි.
මේ නිසා අද තරගයට විදුලි ආලෝකය ලබාගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීමට සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart