
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් පවසයි.
පෙරහර වීදී සංචාරය කරන දින 10ට අදාළව විදුලි බල මණ්ඩලය මගින් ශ්‍රී දළදා මාළිගාවට සහ සතර මහා දේවාල සඳහා ඇස්තමේන්තු විදුලි බිලක් ඉදිරිපත් කළ අතර, එය ගෙවිය නොහැකි බව සතර මහා දේවාල බස්නායක නිළමේවරු පවසා ඇත.
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම සඳහා රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහසක ඇස්තමේන්තුවක් විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබිණි.
මෙයට පෙර ඒ ආකාර ඇස්තමේන්තුවක් දේවාලවලට නොලැබුණු බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර කීවේය.
විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු මුදල සාකච්ඡා මගින් පසුව රුපියල් ලක්ෂ 71ක් දක්වා අඩුකර ගත් බවත් එම මුදල රජය විසින් දරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසුවේය.
මේ දක්වා පෙරහර සඳහා විදුලි බිල් ගෙවීමක් සිදුව නොමැති බවත් මෙම විදුලි ආලෝකය වැඩිපුර ලබා දෙනුයේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් මහා දේවාල බස්නායක නිලමේවරු පවසති.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart