
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිලෙස ඉටුවන්නේදැයි සොයාබලා එම කරුණු නිසි ලෙස ඉටුකිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පවරා තිබේ.
මෙරට හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම තීරණයට එළැඹ ඇත.
ශ්‍රී ලංකාවේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෲවර් ඇතුළු කණ්ඩායම මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහට හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට දැනුම් දී තිබේ.
රාජ්‍යයේ නාස්තිය, වංචාව, දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ (Government diagnosis) ප්‍රධාන කාර්යභාරය වේ.
මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සළකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදුකිරීමෙන් අනතුරුව තුන්වැනි වාරිකය නිදහස් කිරීමට නියමිතය.
එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවරීමටද මූල්‍ය අරමුදලේ දූත පිරිස තීන්දු කර තිබේ.
ඒ අනුව, සාගල රත්නායක දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙසද කටයුතු කරනු ඇත.
ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම යාපනය ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති අතර සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපති ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුවට ස්තුතිය පළකර තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart