
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණයේ විභාග වන නඩුවක් අවසන් කර දීමට යැයි කියා තරුණ කාන්තාවක් හෝටල් කාමරයට රැගෙන ගිය කල්මුණේ පොලිසියේ නඩු මෙහෙයවීම් අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ හෝටල් කාමරයේ කාන්තාව සමඟ රැඳී සිටි අවස්ථාවේදීය.
පැමිණිලිකාර කාන්තාව අම්පාර, එරගම පදිංචි 33 හැවිරිදි කතකි.
පොලිස් ස්ථානාධිපතිවරයා ඇය සමඟ හෝටල් කාමරයට ගොස් ඇත්තේද ඇයට එරෙහිව පැවැති නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබූ දිනයේදී බව වාර්තා වේ.
එම කාන්තාව අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටි බවත්, ඇයට සතියකට වරක් කල්මුණේ පොලිසියේ අස්සන් කිරීමට අධිකරණය මඟින් නියෝගයක් ලබාදී තිබූ බවත්, විමර්ශන නිලධාරියෙක් පවසයි.
සතියකට වරක් කෙරෙන එම අස්සන් කිරීම මාසයකට වරක් දීර්ඝ කර දීමටත් එම නඩුවෙන් නිදහස් වන ආකාරයට තමාට කටයුතු කළ හැකි බවත් සැකකාර ස්ථානාධිපතිවරයා ඇයට පවසා ඇත.
ඒ සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා ඇති ස්ථානාධිපතිවරයාට ඇය කැමැත්ත ලබාදී පසුව මේ බව අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද කර තිබේ.
ඒ අනුව ඇයට ලැබුණු උපදෙස් මත මෙම කාන්තාව නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කල්මුණේ පිහිටි හෝටලයක කාමරයකට ගොස් ඇත්තේ නඩුව විභාග වීමට කලින් අධිකරණයට යායුතු බව කියමින්ය.
ස්ථානාධිපතිවරයා එම කාන්තාවත් සමඟ හෝටල් කාමරයට යෑමෙන් මොහොතකට පසු විමර්ශන නිලධාරීන් හෝටල් කාමරයට කඩාපැන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ලිංගික අල්ලස් ඉල්ලූ එම නිලධාරියා සමන්තුරේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංකගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart