
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිමිකරු වෙත නිදහස් කළ නොහැකි නඩු භාණ්ඩ වෙන්දේසි කිරීමට රජය සැලසුම් කර තිබේ.
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ,, එම මුදල් නඩුවට අදාළ ගිණුමක තැන්පත් කර නඩුව අවසන් වූ පසු ඉදිරි පියවර ගන්නා බවයි.
ඒ අනුව අදාළ නඩු භාණ්ඩය හිමි පුද්ගලයා නඩුව ජයග්‍රහණය කළහොත් ඔහුට හෝ ඇයට ද, නඩුව පැරදුණහොත් අදාළ මුදල රාජසන්තක කිරීම ද සිදුවනු ඇති.
නඩු විභාගයන් සඳහා දිගු කලක් වැයවීම හේතුවෙන් බොහෝ නඩු භාණ්ඩ විනාශ වී යෑම පිළිබඳ සළකා බලා මේ තීරණය ගත් බව ද ඔහු සඳහන් කරයි.
ඊට අදාළ නීති කඩිනමින් සකස් කර කැබිනට් අනුමැතියට යොමුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart