
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සමාජය තුළ පවතින කතාබහ හේතුවෙන්, ශාරීරික දඬුවම් තහනම් කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව (විශේෂයෙන් ගුරුවරුන්) දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
The Morning පුවත්පතට අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන පවසා ඇත්තේ, යෝජිත සංශෝධනයේ අරමුණ හෝ ඇඟවුම් පිළිබඳව ගුරුවරුන් සහ අනෙකුත් අදාළ පාර්ශවයන් ප්‍රමාණවත් ලෙස දැනුවත් නොමැති බවයි.
එබැවින් ගුරුවරුන් සහ අනෙකුත් පාර්ශවයන් තුළ ඒ පිළිබඳව පවතින දැනුවත්භාවය වැඩි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ හරහා පවතින ගැටලුව පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වැඩිකළ හැකි බවට ද ඔහු විශ්වාසය පළකරයි.
මෙවැනි නීතිමය සංශෝධන මීර පෙර සිදුකළ යුතුව තිබූ බවත්, එවැනි දේ හඳුන්වාදීමෙන් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, ඇතැම් රටවල් මෙවැනි සංශෝධන සිදුකර ඇත්තේ 1970 දශකයේදී බව සහ මේ වනවිට ඒවායෙහි ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවයි.
කෙසේවෙතත් යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව අමාත්‍යාංශය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ දක්වා සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත දෙවැනිවරට කියවීම පමණක් බවත්, මෙම පනත් කෙටුම්පතේ කිසියම් ගැටළුවක් තිබේ නම්, අවශ්‍ය වෙනස්කම් කිරීමට ඉඩ තිබෙන බවත්, එය සමඟ ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart