
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට – නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය
අද(20) කොළඹ නිපෝන් හෝටලයේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී හෙතෙම මේ බව සඳහන් කළේය.
ආන්දෝලනාත්මක නව ගල්අඟුරු ටෙන්ඩරය පිළිබඳව හිටපු ආණ්ඩුකාරවරයා මෙසේද සඳහන් කළේය.
“නොරෙච්චෝල විදුලි බලාගාරය සඳහා මේ වසරේ ගල්අඟුරු ඇණවුමෙන් නැව් 2 ක් මේ වන විට රටට පැමිණ තිබෙනවා. තවත් නැව් තුනක් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. මේ වසර පුරා අඛණ්ඩ විදුලිය සැපයීමකට නම්, නිසි කලට රටට ගල් අඟුරු ලබා ගත යුතුයි. මේ දක්වාම රජය ට ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට හැකිවී නැහැ. ඒ නිසාම සමාගම් සඳහා මුදල් ගෙවීමක් ද සිදුව නැහැ. සමස්ත ටෙන්ඩරය ගැන බලවත් උගතෝකොටිකයක් මේ වන විට පැන නැගී තිබෙනවා.
ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විපක්ෂය ප්‍රශ්න කරනවා. විවිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ගල්අඟුරු සමාගම මේ දක්වාම ප්‍රතිචාරයක් දක්වා නැහැ. විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්.
මිලදී ගනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතිය සහතික කිරීම බලශක්ති අමාත්‍යාංශයේ වගකීමක්. අවිධිමත් ආකාරයට නිසි තාක්ෂණික උපකරණයක් හෝ නොමැතිව ටෙන්ඩර් ගිවිසුමට පටහැනිව, නොරොච්චෝල දී ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂාකර ඇති නමුත් එහි වගකීම කිසිදු බලධරයෙකු නිල වශයෙන් බාරගෙන නැහැ. පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙතින් ප්‍රමිතිය පරීක්ෂාකර දහන අගය පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට ද රජය අසමත් ව තිබෙනවා.
අමාත්‍යාංශයේ අසමත්බව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දැනටමත් නොරොච්චෝල විදුලි බලාගාරයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වන තත්වයක් මතුවෙලා.
රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 1/3 ක් සපයනු ලබන්නේ ගල් අඟුරු මගින්. වසර පුරා අඛණ්ඩව විදුලිය සැපයීම නම් නිසි කලට නිසි ප්‍රමිතියක් සහිත ගල්අඟුරු අඛණ්ඩ සැපයීම සිදු කළ යුතුයි. මේ වන විටත් එය ඉටු කර ගැනීමට රජයට හැකිව නැහැ.
නිසි කාල වකවානුවක් තුල ගල්අඟුරු සැපයීම තුලින් විදුලිය සැපයීම විදුලිබල අමාත්‍යාංශයේ සහ ගල් අඟුරු සමාගමේ වගකීමක්.
රජය ගල්අගුරු ප්‍රශ්නය විසඳීම වෙනුවට ප්‍රශ්න මඟහැර යාම බලශක්ති අර්බුදයකට හේතු වෙන්න පුළුවන්. යම් ලෙසකින් රජයට නිසි කලට ප්‍රමිතියක් සහිත ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වුණොත් නොරොච්චෝල කටයසුතු අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගයක් වෙනවා. අනිවාර්යයෙන්ම එය විදුලි කප්පාදුවකට හේතුවිය හැකියි. එවැනි තත්වයක් වලක්වා බලශක්ති අවශ්‍යතාව ස්ථාවර කරගැනීම රජයේ වගකීමක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart