
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පන්නල පොලිසිය සඳහන් කරයි.
ඊයේ (01) සවස 5.20ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇත.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ, යක්විල – හැගව පදිංචිකරුවෙකි.
තමා පොල් සොරකම් කිරීමට ගිය අවස්ථාවේ දී වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකළ බවට තුවාල ලැබු පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.
තුවාලකරුගේ වම් අතට සහ කොන්දට වෙඩි වැදී ඇතැයි අනාවරණය වේ.
වෙඩිතැබීම සිදුකළ මුරකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart