
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවාගත් පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම එරටට ළඟාවී ඇත.
රැකියා අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුමේ කොටසක් ලෙස ශ්‍රී ලාංකිකයන් තිස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 18 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්විය.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රී ලාංකිකයන් 10,000ක් ඊශ්‍රායලයට යැවීමට නියමිතයි.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සදහන් කර ඇත්තේ, මෙම රැකියා සඳහා කිසිදු පාර්ශවයකට මුදල් ගෙවීමට අවශ්‍ය නොවන බවයි.
එසේම, මෙම රැකියා අවස්ථා ලබාගැනීමට කිසියම් අයෙකු මුදල් ගෙවා ඇත්නම් ඔවුන් නැවත මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජයන් දෙකම එකඟතාවකට පැමිණ ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart